දේශිය ආයුර්වේදයට අනුව සෞඛ්‍යාරක්ෂිත පෝෂණ ගුනයෙන් වැඩි ආහාර සැකසීම සම්බන්ධ වැඩමුළුව

 

දේශිය ආයුර්වේදයට අනුව සෞඛ්‍යාරක්ෂිත පෝෂණ ගුනයෙන් වැඩි ආහාර සැකසීම සම්බන්ධව හා දේශිය කුළු බඩු සම්බන්ධව ජනතාව දැණුවත් කිරීමේ හා අහාර ප්‍රායෝගිකවම සැකසීම සම්බන්ධ පුහුණ වැඩසටහනක් පසුගියදා වැලිමඩදී පැවැත්වින.

වැලිමඩ ප්‍රාදේශිය ලේකම් චමින්ද විරසිංහ හා බදුල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.පී. විජයබණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි වැලිමඩ සමෘද්ධි සමාජ සංවර්ධන අංශය විසින් සංවිධානය කල මෙම වැඩසටහන කැප්පෙටිපොල පිහිටි වැලිමඩ සමෘද්ධි බැංකු සමිති ශ්‍රවණාගාරයේදි පැවැත්වුන අතර ඒ සදහා දිවිතොටවෙල අයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරින් විසින් සම්පත් දායකත්වය ලබා දී තිබින. මෙම වැඩසටහනේ අරමුණ වි තිබුනේ ජනතාවගේ මානසික සෞඛ්‍ය හා ශාරිරික සෞඛ්‍ය වර්ධනය තුලින් නිරෝගිමත් සමාජයක් ගොඩනැගීමයි.

මෙහිදී අතිතයේ අපේ ගැමියන් විසින් භාවිතා කළ දේශිය කුළුබඩු සම්බන්ධවත් ආහාර සෞඛ්‍යාරක්ෂිතව පිළියෙල කිරීමට යොදා ගත් පිළිවෙත් පිළිබදවත් දැණුවත් කල අතර වස විසෙන් තොර සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමෙන් මානසික සෞඛ්‍ය මෙන්ම ශාරීරික සෞඛ්‍යද වර්ධනය වන ආකාරය පිළිබදවත් දැණුවත් කිරීම් සිදු කලහ. මෙම වැඩසටහනේදී අළුකෙසෙල් භාවිතා කරමින් නූඞ්ල්ස් සාදන ආකාරයත් කොහිල යොදා ගනිමින් සොසේජස් සාදන ආකාරය පිළිබදවත් පෝෂණ බතක් පිළියෙල කරන ආකාරය පිළිබදවත් ප්‍රායෝගික දැණුමක් ලබා දිමද මෙහිදී සිදු කල අතර එම ආහාරවල රසය බැලිමටද පැමිණ සිටි පිරිසට අවස්තාව ලබා දෙන ලදී.

මේ සදහා දිවිතොටවෙල ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ යූ.කේ.එස්. දිලූෂ , එන්. ඒ.ආර්.ආර්. නිශ්සංක වෛද්‍ය නිළධාරි මහත්ම මහත්මින්ද වැලිමඩ සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිතියේ කළමණාකරු එල්.එස්.බුවනෙකබාහු මහත්මිය , සමාජ සංවර්ධන නිළධාරි ප්‍රියන්ත පුෂ්ප කුමාර හා මංජුල සමින්ද , වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දේශිය ආයුර්වේද විෂය භාර සංවර්ධන නිළධාරිනි දමයන්ති තෙල්දෙණිය මහත්මියද එක්ව සිටි අතර වැඩසටහන සදහා සහභාගි විමට ප්‍රදේශවාසින් පිරිසක්ද එක්ව සිටියහ.

 

Ayurweda cook 1              Ayurweda cook 2      

 

Ayurweda cook 4                  Ayurweda cook 5

Scroll To Top